අද මම අරගෙන ආවෙ මෙන්න මේ ළමා ජාවාරම ගැන කියන සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය උන සිනමා පටයක් අරගෙන. මේක දකුණු අප්‍රිකානු චිත්‍රපටයක්. ඒත් බය වෙන්න එපා දෙබස් ඔක්කොම ඉංග්‍රීසි වලින් තමා තියෙන්නෙ. දකුණු අප්‍රිකාවෙහි 1988 වර්ෂයෙහි සිදුවුණු මේ සිදුවීම එකල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා. සත්‍ය කතාව මෙහෙමයි. 1988 වසරෙ Gert Van Rooyen නම් පුද්ගලයා කුඩා ගෑනු ළමයි 06 දෙනෙකු පැහැරගෙන ගිහින් විකුනනවා. ඒත් ඊට පස්සෙ පැහැරගන්න Joan Booysen නම් දැරිය එතනින් පැනල ගිහින් පොලිසියට ඔක්කොම හෙළි කරනව. එතනදී එකල ප්‍රබල ඇමති වරයෙක් මේකට හවුල් කියල දැන ගත්තත් ඒක ඔප්පු කරන්න සාක්ෂි නැති වෙනවා. සිද්දිය ඔක්කොම එලි උන නිසා Gert Van Rooyen තමන්ගෙ සහයකයා මරා දැමීමෙන් පසු තමනුත් සිය දිවි නසාගන්නවා. ඒ විදියට පැහැර ගත් ළමයි අද වෙනකම් හොයාගෙන නෑ කියල තමා වාර්තා වෙන්නෙ.
මෙන්න මේ සිදුවීම පාදක කරගෙන තමා I AM ALL GIRLS සිනමාපටය ගොඩනැගෙන්නේ. මේ සිදුවීමට අලලා අවරුදු 20කට පස්සෙ වෙන දෙයක් ගොඩනගල තමා සිනමාපටය නිර්මාණය කරන්නෙ.