බෙකට් තමන්ගෙ පෙම්වතියත් එක්ක ග්රීසියේ සංචාරය කරන්න එනවා.ග්රීසියේ දේශපාලන අස්ථාවර බව නිසා එයාලා නැවතිලා ඉන්න හෝටලේ ලඟ රැලියක් තියන නිසා මෙයාලා වෙන තැනකට යද්දි බෙකට්ට වාහනේ පදවනකොට නින්ද ගිහින් වාහනේ පාරෙන් පිට පැනලා ගෙදරකට කඩා වැදිලා අනතුරක් සිද්ද වෙනවා.මේ අනතුරින් බෙකට්ගෙ පෙම්වතියව මිය යනවා.පොලීසියට අනුව ඒ ගෙදර කවුරුවත් ජීවත් වෙලා නෑ.ඒත් අනතුර වුන ගෙදර පිරිමි ලමයෙක් හිටිය බව බෙකට් කියනවා.අනතුර වුන තැනට යන බෙකට්ට එක කාන්තාවක් වෙඩි තියනවා.මේ වෙලාවෙදි මෙතනට එන තව පොලිස් නිලධාරියෙකුත් බෙකට්ට උදව් කරනවා වෙනුවට බෙකට්ව මරන්න හදනවා. කොහොමහරි කරලා ඇතන්ස්වල ඇමරිකානු තානාපති කාර්යාලයට යන බෙකට්ව ආපහු පොලීසියෙන් අල්ලගන්නවා.
එතනිනුත් පැනගන්න බෙකට් දකිනවා අනතුර වුන ගෙදර හිටිය පිරිම් ලමයගෙ පෝස්ටර් අලවලා තියෙනවා.ලීනා කියන කාන්තාවගෙ උදව්වෙන් ඇතන්ස්වලට එන බෙකට් දැනගන්නවා ඔහු දැකපු පිරිමි ලමයා දේශපාලනඥයෙක්ගෙ බෑණා කෙනෙක් බව.අන්තිමේදි ඇමරිකානු තානාපති කාර්යාලයට එන බෙකට්ව ටයිනන් කියලා නිලධාරියෙක් මරන්න හදනවා.ග්රීසියේ පොලීසිය සහ තමන්ගෙම රටේ නිලධාරින් බෙකට්ව මරන්න හදන්නෙ මොකද කියලා දැනගන්නනම් මේක බලන්නම වෙනවා.