මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ස්නේක් අයිස් GI JOE වෙත එකතු වෙන්න කලින් කාලය සහ ඔහු ස්නේක් අයිස් බවට පත් වෙන්නෙ කොහොමද කියන කාරණය. කුඩා කාලයෙම තමන්ගෙ පියාව මරලා දාන සිදුවීමක් ඇහින් දකින කොලුවෙක් තමන්ගෙ පියාගේ ඝාතකයා විසින් කරන දාදු සෙල්ලමක් මාර්ගයෙන් තමයි ස්නේක් අයිස් කියන නම ලබා ගන්නෙ. එතැන් පටන් ඔහු ඒ නමින් තමන්වම හදුන්වා ගන්නෙ යම් දිනෙක සිය පියාගේ ඝාතකයාගෙන් පළිගන්නා පරම චේතනාවට තමන්වම කැප කරමින්.ඒ වගේම මෙහිදී ඔහු සහ කෝබ්රාහි ප්‍රබල සාමාජිකයෙක් වෙන ස්ටෝම් ශැඩෝ සමග සම්බන්ධය සහ ඔහුත් සමග වෛරයක් ගොඩ නැගෙන්න පාදක වෙන සිදුවීම් පෙළත් දැකබලා ගන්න පුළුවන් වෙනවා.
කෙන්ටා ටකමුරා යටතේ යකුසා සමග එකතු වෙලා ඉන්න ස්නේක් අයිස් ටොමී විසින් එහෙමත් නැත්නම් ස්ටෝම් ශැඩෝ විසින් තමන්ට කරන උදව්වක් නිසා ඔහුගෙ ගෝත්‍රය වෙත එක්ක යනවා. ටොමීට අවශ්‍ය වෙන්නෙ ළගම මිත්‍රයෙකු, සහෝදරයෙක් ලෙස ස්නේක් අයිස්ව තම ගෝත්‍රයට එකතු කරගන්න. එහෙත් ස්නේක් අයිස්ගෙ හිතේ තියෙන්නෙ වෙනමම අදහසක්. තමන්ගෙ අරමුණ ඉෂ්ට කරගැනීමේ ටොමීගෙ ගෝත්‍රයෙන් යම් වස්තුවක් සොරකම් කරගැනීමේ ප්රයත්නයක තමයි ස්නේක් අයිස් නිරත වෙන්නෙ.