ඒත් කතාවක් තියෙනවනෙ. ඉතිහාසය වෙනස් කරන්න එක මොහොතක් හොඳටම ඇති කියලා. ඒ හතර වෙනි අවස්තාවෙදි ඔවුන් එය වෙනස් කරනවා. රහස් ඔත්තු සේවය හරහා ගනුදෙනු කරනවා. මේ වතාවෙ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ නායකයෙක් සාමාජිකයින් තුන් දෙනෙක් සහ, පවුම් මිලියනයක්. ඒත් සමග ලන්ඩන් යාමට ගුවන් යානයක් හා අපරාද වාර්තා ඉවත් කරගැනීමක්. මේ ත්රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට ඔවුන් සම්බන්ද කරගන්නෙ රෝ හෙවත් රහස් ඔත්තු සේවයේ සාමාජිකයෙක් වන බෙල් බොටම් ව.ඉතින් මේ බෙල් බොටම් කොහොමද ගුවන් යානය නිදහ්ස් කරගන්නෙ කියල කතාව බලලම දැනගමු.