චිත්‍රපටයෙ කතාව නිරූපණය කරන ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි ‘ග්‍රේස්’ කියන්නෙ. මෙයා කාලෙකට කලින් තමන්ගෙ පෙම්වතා එක්ක වාහනෙ ගමන් කරමින් ඉද්දි අනතුරට ලක් වෙලා එයා ආදරය කරපු කෙනා මැරිලා, ග්‍රේස්ට බරපතල තුවාල ඇතිවෙලා ආබාධිත වෙනවා. මුළුමනින්ම නෙවෙයි එක කකුලක දණහිසට හානි වෙනවා. වෙච්ච දේවල් එක්ක අලුත් ආරම්භයක් ලබාගන්න හැදුවත් ග්‍රේස් සමාජේ ඇසුරු කරන්න, තවත් කෙනෙකුට ආදරේ කරන්න පසුබට වෙනවා. අනතුරට ලක් වෙන්න කලින් එයා කෙටි දුර ධාවකයෙක් වගේම රචකාවියක් විදිහට කටයුතු කල කෙනෙක්. අනික් ප්‍රධාන චරිතය තමයි ‘හෙන්රි’ කියන්නෙ. මෙයා අති දක්ෂ රචකයෙක්. සමාජේ එක්ක මොන තරම් ලගින් ඇසුරු කරලා අත්දැකීම් තිබුනත් තවත් කෙනෙකුගෙන් ආදරේ ලබාගන්න බැරිව තනිවුන කෙනෙක්. ඉතිං වයස අවු.17 පසුවෙන මේ ග්‍රේස් හා හෙන්රි දෙන්නගෙ හමුවීම ප්‍රධාන වශයෙන් පාදක කරගෙන තමයි චිත්‍රපටයෙ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.
Cool