පොලිස් හදිසි ඇමතුම් අංශය.
රාත්රී වැඩ මුරය.
එක ඇමතුමක්.
ගැහැනියක්…
මට… මට මැරෙන්න ඕනෙ.
කාටවත් බෑ උදව් කරන්න.
කාටවත් තේරෙන්නෙ නෑ.
හැමෝම මැශින් එකක් වගේ කියවනවා.
ඔක්කොම බොරු කියන්නෙ.
මේ කෝල් එක… රෙකෝඩ් වෙනවද?
හැම හදිසි කෝල් එකක්ම රෙකෝඩ් වෙනව මැඩම්.
කාලය නාස්ති කිරීමක්. මේ කෝල් එක රෙකෝඩ් කරන එකයි,
ට්රේස් කරන එකයි, කාලය නාස්ති කිරීමක්.
මම කෝල් කලේ බේරෙන්න නෙවෙයි.
මට මැරෙන්න විතරයි ඕනෙ.
මාස ගානක් තිස්සෙ ප්ලෑන් කලා.
මම තුවක්කුවකුත් අරගත්තා.
එකක් නෙවෙයි දෙකක්ම.
දෙපාරක්ම උත්සහ කරල බලන්නත් හැදුවා.
ඒත් අන්තිම මොහොත් මට ඒකට හයියක් නැති වුනා.
ඉතින් අද මම හිතුවා…
ඒක කරලම බලන්න…
මේ ගෑනු කෙනා මහ රෑ පොලිසියට කතා කරලා මොකක්ද කරන්න යන්නෙ කියලා කතාව බලලම දැනගමු.