ගාවින් කියන්නෙ නයිට්වරයෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්. නත්තල් දවසෙ තමන්ගෙ පවුලෙ අයත් සමඟ එය සමරමින් ඉන්දැද්දී එකපාරටම වගේ ආගන්තුකයෙක් පැමිණෙනවා. මොහු මනුෂ්‍යයෙක් නෙමේ. නමුත් මොහුට නයිට්වරයෙක් හැටියට තමයි සළකන්නෙ. ඉතින් මොහු මෙතනට ඇවිත් සෙල්ලමක් කරනවා. ඒ තමයි ඔහුගෙ හිස ගැසීම සඳහා නිර්භීත නයිට්වරයෙක්ට ඉදිරියට පැමිණෙන ලෙස ඇරයුම් කරනවා. නමුත් මෙය සටනක් නෙමේ. ඒවගේම ඔහුගෙ එක් කොන්දේසියක් වෙන්නෙ හරියටම අවුරුද්දකින් ඔහුටත් එලෙසෙම ගෙල ගසා දැමීම සඳහා ඉඩ ලබාදෙන එක. ඉතිං අවුරුද්දකින් පසු ඔහු තමන්ගෙ මේ චාරිකාව ආරම්භ කරනවා. ඒ අතරේදී ඔහුට මුහුණ දීමට සිදුවෙන දේවල් අනන්තයි. මීට එහා කිසිම සඳහනක් කරන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො ඔහුගෙ මේ චාරිකාව කොයි වගේද කියලා.