මිමි කියන්නේ බොලිවුඩයට පය ගහන්න හීන මවන් ඉන්න, ගමක ජීවත් වෙන කෙල්ලක්. කොයි දේටත් ළඟ ඉන්න යාළුවා ෂමා එක්ක මිමි සංචාරකයන් පිනවන්න නැටුම් ඉදිරිපත් කරනවා, දවසට රුපියල් 3000 වැටුපකට. කොහොමින් කොහොමින් හරි සල්ලි ටිකක් එකතු කරගෙන බොලිවුඩයට යන පාර කපාගන්නයි මිමි දවස තිස්සෙම හිතුවේ. දවසක් මිමි එයාගේ නැටුම් කර්තව්‍යය අහවර කරලා ගෙදර යද්දි අමුතු මනුස්සයෙක් පස්සෙන් එන්න ගත්තා. එදායින් පස්සේ තමා මිමිගේ කතාව වෙනස් වෙන්න ගත්තේ.