හරි කතාව පැත්තට යමු මේ ෆිල්ම් එකේ Raai Laxmi ඩබල් ඇක්ටින් තුලසී හා අකිරා , මේ කතාවේ අකිරා කියන්නේ පොඩි සංගීත කණ්ඩායමක් තියාගෙන විනෝදෙන් කාලා බිලා ඉන්න කෙනෙක්. එයා දවසක් යාළුවො එක්ක පොඩි ඩ්රින්ක් එකක් දානකොට එයාගේ තාත්තාත් එයාලට එකතුවෙලා පොඩි ඩ්රින්ක් එකක් දානකොට එක වියාපෘතියක් ගැන කියනවා කැලෑවේ ගිහින් එක කුරුල්ලෙකුගේ හඬක් පටිගත කරගන්න ඕනේ කියලා ( එයාගේ තාත්තා වැඩකරන්නේ ඩිස්කවරි සීන් එහෙක කිව්වොත් හරි ) ඉතින් කොහොම හරි මේ වියාපෘතිය අකිරා යාළුවො එක්ක කරන්න බාරගන්නවා. ඉතින් ඔන්න එයාලා කැලෑවට යනවා, ඉතින් යාළුවො ටික විනෝදෙන් ඉන්න කට්ටියක් කිව්වනේ ඉතින් එහෙම උන් ටිකක් එක්ක මේ වැඩේ කරන්න ලේසි නැහැනේ, ඉතින් ඒ වැඩ ටික වෙනකොට දවසක් අකිරගේ යාළුවො පොඩි මෙව්වා වගයක් ගන්න ( කොල්ලෝ ටික හොඳේ ) එයාලා නැවතිලා ඉන්න තැනින් එලියට යනවා ( අකිරාට ටිකක් වැඩි උන නිසා එයා එන්නේ නෑ ) එයාගේ තව යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක් එයා යනවා අර කට්ටියත් එක්ක ( ඔක්කොම යාළුවො ) ඉතින් මෙයාලා එහෙම ගිහින් පාරේ අර ගන්න ගියපු ඒවා වල සල්ලි ගණන් කතා කරනකොට එක පාරට බයික් එකේ අකිරා යනවා දකිනවා ( එන්න බෑ කියපු අකිරා ඇත්තට කොහෙද ඒ ගියේ ) ඔන්න ඔතනින් තමයි මේ ප්රශ්න ඔක්කොම පටන් ගන්නේ ) මේක හොල්මන් ෆිල්ම් එකක් ඉතුරු ටික දැනගන්න ෆිල්ම් එක බලන්න එහෙනම් මම ගියා හැමෝටම බායි !