හර්ෂා කියන්නේ ඇමෙරිකාවෙ රස්සාවක් කරන කොල්ලෙක්, මොහු ඉන්දියාටව එන්නේ දින 20කට කසාද 20කුත් බලල, ඒ අයගෙන් TOP 10 තෝරලා ඒ 10න් TOP 01 සිලෙක්ට් කරලා, කසාද බදිනවා කියලා හිතන්. ඉතිං මෙහෙම කසාද බල බල යනකොට, ඒ අතරින් එක කෙල්ලෙක් තමයි විභා කියන්නේ. අපෙ ප්රධාන නිළිය. ඉතිං මෙයාගෙ හඳහන නම් , හර්ෂාට ගැලපෙන්නෙ නෑ කියලා රිජෙක්ට් කරලා තියෙන්නේ. ඒ වුනාට හර්ෂට හිත යන්නෙ විභාට. විභා කියන්නෙ මිත්රශීලී වුනාට, එහෙම ලේසියෙන් ආදරේක පැටලෙන කෙනෙක් නම් නෙවෙයි. මොකද එයාට තියෙනවා එයා බලාපොරොත්තු වෙන විදියක්… ඉතිං අපි හැමෝම ටීසර් එකේ ඉදන් දැක්ක පරිදි විභාගෙ ප්රධානම ප්රශ්නේ වෙන්නේ….
“what do you expect from your marrage life? ” කියන එක තමයි. ඉතිං හර්ෂාත් එක එක උත්තර දෙනවා.. ඒ එකක්වත් ගැලපෙන්නෙ නම් නැහැ. පස්සෙ විභා කියනවා.”ටිකක් නරක (wild) විදියට හිතන්න, ඩාර්ලින්ග්” කියලා… කොහොම හිතුවත් හර්ෂා කියන එකක්වත් හරියන්නෙ නෑ.. ඉතිං හර්ෂා කසාද බලන්න යන හැම කෙල්ලගෙන්ම මේ ප්රශ්නෙම අහලා, වයිල්ඩ් විදියටත් හිතන්න කියනවා වගේම හෙන පටලැවිලි ඇති කරගන්නවා.
ඔයාල කැමති ඉර පායනවටද, බැහල යනවටද? අපෙ විභානම් ඉර බැහැල යනවටලු ආස. ඒ ඇයි ඇහුවම.. ඊට පස්සෙලු රාත්රිය එන්නේ… කොල්ලයි කෙල්ලයි අතරෙ කථාව රසවත්ව තියෙන්න නම්, පොඩි නරක හිතක් තියෙන්න ඕනේලු. ඔයාල මොකද හිතන්නේ? Do you have a dirty mind?