බර්ලිනයේ, දැරියන් මරා දමන ළමා මිනීමරුවෙකු පිළිබඳ සිදුවීමකින්. දැරියන් ගොදුරු කර ගන්නා මේ ඝාතකයා ගැන පෝස්ටර් වලින්ද නිරතුරුව අනතුරු හඟවන ලදී. කුඩා එල්සි බෙක්මන් පාසලෙන් පිටව යමින් නිවසට යන අතරමගදී බෙකර්ට් නම් පුද්ගලයා ඇය වෙත පැමිණේ. ඔහු ඇයට අන්ධ වීදි වෙළෙන්දෙකු ගෙන් බැලූනයක් මිලදී ගෙන දෙයි. ඉන් පසුව ඇය සමඟ ඇවිදිමින් කතා කරයි. ඉන් පසුව ඇයට සිදුවූ දෙයක් නොමැති වෙයි. එල්සිගේ අතුරුදහන් වීමත් සමඟ මහජනතාව අතර තම දරුවන් ගැන බිය ඉහළ යයි. බෙකර්ට් ළමා ඝාතනවල වගකීම ගනිමින් සහ තවත් එවැනි අපරාධ කරන බවට දන්වමින් පුවත්පතකට නිර්නාමික ලිපියක් යවයි; ඇඟිලි සලකුණු සහ අත් අකුරු විශ්ලේෂණයේ නව තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් පොලිසිය එම ලිපියෙන් තොරතුරු ලබා ගනී. පීඩනය යටතේ, පොලිසිය පැය විසිහතරේම මේ ගැන සොයා බලයි. මෙහි ප්‍රධානියා වන පොලිස් පරීක්ෂක කාල් ලොහ්මන්, ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයක් ඇති අය කෙරෙහි අවධානය යොමු කරමින්, මෑතකදී මුදා හරින ලද මානසික රෝගීන්ගේ වාර්තා පරීක්ෂා කරන ලෙසත් ඔහුගේ නිලධාරීන්ට උපදෙස් දෙයි. ඔවුන් දන්නා නගරයේ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහාද නිතර වැටලීම් සිදු කරයි, මෙම නිසා අනෙක් පාතාල ව්‍යාපාරවලට බාධා පැමිණේ. මේ නිසා නගරයේ අපරාධ කරුවන් ඔවුන්ගේ රැස්වීමක් කැඳවයි. එහිදී මේ අපරාධ කරුවා අල්ලා දඬුවම් දීමට ඔවුන් තීරණය කරයි. ඒ සඳහා පාතාලකරුවන් මෙහෙයුමක් දියත් කරයි. මෙතැන් සිට ගැටළු රාශියක් පැන නඟියි. ඔබට කුතුහලයකින් නැරඹිය හැකි සිනමාපටයකි