දැන් නොර්මන් ජීවත් වෙන්නෙ අවුරුදු 11 ක පොඩි කෙල්ලෙක් එක්ක. ඔහු ඇයව ලෝකයාගෙන් ආරක්ෂා කරනවා. ඔහු පවසන්නෙ පිටත ලෝකය භයානක තැනක් බව. ඉතින් ඔහු ඇයව ඒක එක එක පුහුණු වීම් කරල ලෑස්ති කරනවා. ඒවගේම ඇයව ඉස්කෝලෙට යවන්නෙත් නැහැ. ඒත් කවුද මේ කෙල්ල? කලින් එකේදී අපිට එවැනි සිදුවීම් පෙළක් දකින්න ලැබෙන්නෙ නැහැනෙ. ඔන්න කොහොමහරි දවසක් මේ කෙල්ලගෙ ඉල්ලීමට ඇයව වෙන භාරකරුවෙක් ( නොර්මන් එක්ක වැඩ කරන කෙනෙක් ) සමඟ එළියට යවනවා. මේ කාලෙ තමයි කුඩා දරුවන්ගෙ අවයව ජාවාරම් කරන පුද්ගලයෙක් ගැන කටකතා යන්නෙ. ඔන්න කොහොමහරි මේ පොඩි කෙල්ලව මේ ජාවාරම් කරුවන්ගෙ නෙතට අසුවෙනවා. ඉතින් ඔවුන් උත්සහ කරන්නෙම ඇයව එවෙලේ පැහැරගෙන යන්න. ඒවගේම තමයි මොවුන් ඒ සඳහා සැලැස්ම කරනවා. ඒ නොර්මන්ගෙ ගේ ඇතුළට ගිහින් කෙල්ලව උස්සං යන්න. හැබැයි මොවුන් ඔහු ගැන අවතක්සේරු කරනවා අන්ධ මිනිහෙක් කියලා. ඉතින් මොවුන්ට මොන වගෙ ඉරණමක් අත්වෙයිද? ඒවගේම තමයි මේ කෙල්ල ගැන අන්ත චිත්රපටය අවසානයෙ දකින්න ලැබෙයි. එහෙනම් ඉතින් චිත්රපටය ඔයාලටම බාරයි.