මේ කතාවේ තියෙන්නේ චෝලන් ( විශාල් ) සහ රාජිව් ( ආර්යා ) අතර සිදුවෙන සිදුවීම් ගැන තමයි.. ඉතින් පුංචි කාලෙන් තමයි කතාව පටන් ගන්නේ… ඉතින් ආරම්බෙම චෝලන්ට පාසලේ නිවාඩු ලැබෙනවා පාසලේ නිවාඩු ලැබුන ගමන් එයා ඉතින් ( තාත්තගේ කීම අහගෙන පාඩම් පාඩම් තමයි නිවාඩුවටත්.. ) එහෙම එයා පාඩම් කර කර ඉන්න ගමන් එහා ගෙදර දිහා බලනවා සද්දයක් ඇහිලා.. බලනකොට ( ඒ ගෙදරට අලුතින් අය ඇවිල්ලා හොඳේ ඉන්නේ ) එතකොට එයා දකිනවා පරි ( ප්රකාශ් රාජ් ) රාජිව් ගේ තාත්තා රාජිව්ට නිකන් හමුදා පුහුණුවක් වගේ එකක් දෙනවා , මේක දැක්කම චෝලන්ට මාර ආසාවක් එනවා.. ඉතින් ඒ ගෙදර කවුරුවත් පේන්න නැති වෙලාවක චෝලන් ගිහින් රාජිව් පුහුනුවෙන රූබික් කැටයක් හොරෙන් අරගෙන යනවා ( එයත් පුරුදු වෙන්න ) ආයේ ඒක එයා අරන් ඇවිල්ලා තියෙනකොට රාජිව් දැකලා කියනවා ” අපේ ගෙදරින්ම හොරකන් කරනවද ” කියලා. එතකොට රාජිව්ගේ තාත්තා එතනට එනවා.. ටික වෙලාවක් එයා කතා කරලා චෝලන් සහ රාජිව් අතර තරඟයක් තියෙනවා… ඔන්න ඔතන ඉඳලා තමයි එයාලා අඳුන ගන්නේ වගේම… ෆිල්ම් එකේ ටයිටල් එකට මුල්ගල තියන්නෙත්… මේක සුපිරිම ෆිල්ම් එකක් ඉතුරු ටික ඔයාලම බලාගන්නකෝ… ඒ වගේම මේ ෆිල්ම් එකේ සිංදු තුනක් මම කරලා තියෙන්නේ ඒවත් අහන්නකො..