1993 දී මුම්බයි වල මරාගෙන මැරෙන පිපුරුමක් කරන්න ත්රස්ත්රවාදින් විසින් RDX කිලෝ 1000ක් අරගෙන එනවා,ඒත් ඒ පිපිරුමට ඒ ත්රස්ත්රවාදින් පාවිච්චි කරන්නේ කිලෝ 400ක් විතරයි ඉතිරි කිලො 600ම ඉන්දියාවෙම තැනක වලදාල තියෙනවා කියල බුද්ධි අංශ හොයාගන්නවා..කොහොම හරි ඒ කොහෙද කියල කවුරුවත්ම දන්නේ නෑ..ඉතින් කොහොම හරි කාලේ ගෙවීයත්ම ඒ ගැන කතාව හෙමින් හෙමින් අඩුවෙනවා..ඒ අතරෙදී තමයි පාකිස්ථානයෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 40ස් දෙනෙක් ඉන්දියාවට එන්නේ….ඊට ටික කාලෙකට පස්සේ ආරංචි වෙනවා බුද්ධි අංශ වලට, ඉන්දියාවේ විවිධ ස්ථාන වල බෝම්බ පිපිරුම් කරන්න සැලසුම් කරල තියෙනවා කියල..ඉතින් මේ තත්වය පාලනය කරගන්න පුලුවන් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Sooryavanshi
Akshay Kumar,Katrina Kaif ,Ajay Devgn ,Ranveer Singh,Jackie Shroff, වැනි නළු නිලියන් රංගනයෙන් දායක වන Sooryavanshi චිත්ර්පටිය අවසානයේ අපිට ඊලග Singham චිත්රපටිය ගැනත් ඉගියක් ලැබෙනවා…