ශේඩිසයිඩ් සහ සනීවේල් කියන නගර දෙක අතරින් මහ එපාම කරපු නගරය තමයි ශේඩිසයිඩ් කියන්නේ. ඈත අතීතයේ ඉඳන්ම මේ නගරයේ මිනිස්සු මොකක්හරි මීනීමරු අපරාධයක් කරනවා. පුරාවෘත්ත වලට අනුව 1666 දී ජීවත් උන “සාරා ෆියර්” කියන යක්දෙස්සිය විසින් ශේඩිසයිඩ් නගරයට සිදු කල ශාපයක් නිසා මේ අවාසනාවන්ත සිදුවීම් වෙනවා කියලා සමහරු විශ්වාස කරනවා. ඉතිං 1994දී “ඩීනා” කියන ශේඩිසයිඩ් නගරයේ ඉන්න උසස් පාසල් ශිෂ්‍යාවක් සහ ඇයගේ පෙම්වතිය වන “සෑම්”, ඩීනාගේ බාල සොහොයුරු “ජොශ්” සහ තවත් යාළුවෝ දෙන්නෙක්ට අහම්බෙන් මේ සාරා ෆියර්ගේ සොහොන හමුවීමෙන් තමයි කතාව පටන් ගන්නේ. තමන්ගේ සොහොනට බාධා කරපු නිසා මේ යක්දෙස්සිය මෙයාලව මරන්න පසුගිය අවුරුදුවල තමන්ගේ අතකොළු විදියට දාම ඝාතන කල මිනීමරුවන් නැවත මරණයෙන් අවදි කරවලා මෙයාලගේ පස්සෙන් එවනවා. කොහොමින්හරි අන්තිමේදී මෙයාලා එක එක උපක්‍රම යොදලා කේට් සහ සයිමන් කියන ඩීනාගේ යාලුවෝ දෙන්නගේ ජීවිතයත් අහිමි කරගෙන මේ මිනීමරුවන්ගෙන් ගැලවෙනවා. ඒත් මේ දේවල් ඉවරයි කියලා මෙයාලා හිතුවට අන්තිමේදි මේ වගේම කරදරයකින් මීට වසර ගාණකට කලින් පණ බේරගත්ත C. බර්මන් කියන කෙනා ඩීනට කතා කරලා කියන්නේ මේ ශාපයේ අවසානයක් නෑ කියලයි.
මේ කතාව පටන් ගන්නේ ඩීනා සහ ජොශ් විසින් C. බර්මන්ව හමබවෙන්න යන තැනින්. ඔයාලට මතක ඇති කලින් ෆිල්ම් එකේ පොරවක් අරන් ගෝනියකින් මූණ වහගත්ත ඝාතකයෙන් මෙයාලා පස්සේ ආවා. අන්න ඒ ඝාතකයගේ ආරම්භය අද ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් ඉතිං නයිට්විංග් කඳවුරේ ළමුන් රැසකගේ ඉරණම තීරණය උන ඒ මහා සංහාරය බලන්න 1978 වසරට යන්න එන්න ඔයාලටත් ආරාධනා.