මේකත් එක්ක Fear Street චිත්රපට මාලාවේ කොටස් තුනේම වැඩ අහවරයි. Fear Street. Part 3 :1666 (2021) කියන මේ චිත්රපට මාලාවේ අවසාන කොටස තමයි අද මම අරගෙන ඇවිත් තියෙන්නේ. මේ චිත්රපටයෙන් මෙතෙක් ඔයාලා කුතුහලයට පත් උන අන්දමන්ද උන ප්රශ්න ඔක්කොටම පිළිතුරු ලැබෙනවා. කලින් කතාව දෙක බලපු අය මොකද උනේ කියලා දන්නවනේ, ශේඩිසයිඩ්හි නිම නොවන බිහිසුණු ශාපය, “සාරා ෆියර්” කියන යක්දෙස්සිය, ඩීනා, සෑම්, ජොශ්, ශෙරිෆ් ගුඩ්, සිගී මේ හැමෝගෙම ඉරණම තීරණාත්මකයි කියලා අපි දැක්කනේ. මම කලින් කිව්වා වගේ අද කතාවෙන් මෙතෙක් තිබුන ප්රශ්න ඔක්කොටම අද පිළිතුරු ලැබෙනවා. ඒ නිසා වැඩි විස්තර ඕන නෑ. මේ හැමදේටම මුල් උන සාරා ෆියර්ගේ අතීත කතාව බලන්න 1666 වසරට යන්න එන්න ඔයාලටත් ආරාධනා.