එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, සංජනා කියන්නේ විද්‍යාලයේ ඉගෙන ගන්න දක්ශ කෙනෙක්,ඔය අතර ඇමරිකාවේ ඉන්න ඔහුගේ අක්කා ඇයට යෝජනාවක් ගේනවා,ඒ ගේන්නෙ ඇමරිකාවෙ ගොඩක් ප්‍රබල සමාගමක් වෙන ප්‍රේම් ගෘප් සමාගමේ අයිතිකාරයව. ඔහුගේ ව්‍යාපෘතියක් ඉන්දියාවේ සුන්දර් නගර් වල දියත් කරනවා, එහි වැඩ බලන්න ඕන නිසා ප්‍රේම් ඉන්දියාවට එනවා, ඒ ගැන තම පියාට රූපා ඒ කියන්නේ සංජනාගෙ අක්කා පියාට ඊමේල් එකක් එවනවා මෙම දිනයේ ඉන්දියාවට ඔහු එනවා, ඔහුව තම ගෙදර නවත්ත ගෙන තියා ගන්න ලෙසත් ඇය කියනවා, ප්‍රේම් ඉන්දියාවට පැමිනෙනවා, ඔහුව තම ගෙදර නවත්ත ගන්න සංජනාගේ අම්මා ගොඩක් කැමති වෙනවා, ඇයට අවශ්‍ය සංජනා ප්‍රේම්ට ආදරය කරනව දකින්න, ඔය අතර කාලයත් සමග සංජනා ප්‍රේම් අතර ලස්සන ආදර කතාවක් ගලාගෙන යනවා. ඔහොම ඉන්න අතර රූපා යලි මේල් එකක් එවනවා, ප්‍රේම් ඉන්දියාවට ආවේ නැහැ හදිසි වැඩකට ජපන් ගියා කියල තව දවස් කිහිපයකින් තමයි ඔහු ඉන්දියාවට එන්නේ කියල ඇය කියනවා. ඔන්න කතාව කනපිට ගහන තැන.ඇත්තටම සංජනා ආදරය කරන ප්‍රේම් කවුද?.සංජනාට තමන්ගේ ආදරය ලැබෙයිද.ඇත්ත ප්‍රේම් කවුද? මෙතනින් කතාව කියන එක නවත්තනවා,කිවුවොත් අගයක් නැහැ.