ලින්ඩිට තරහා පාලනය කරගන්න බැරි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මෙයාට තරහා ගියාම ලොකු අවුලකින් තමයි ඒක ඉවරවෙන්නෙ. ඉතින් මෙයාගෙ තරහා යනකොට මෙයා විදුලි කම්පනකින් මේක පාලනය කරගන්නවා. මෙයාගෙ මනෝ වෛද්‍යවරයගෙ උපදෙස් අනුව මෙයා පෙම් හමුවකට යනවා. එතනදිත් මෙයා වේටර් කෙනෙක්ට සිහි නැති වෙන්න ගහනවා. කොහොම හරි ජස්ටින් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න ලින්ඩිට විදුලි කම්පන වලින් තොරව තමන්ගෙ තරහා පාලනය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ සතුට වැඩි කල් තියෙන්නෙ නෑ. ජස්ටින්ව මරලා කියලා පොලීසියෙන් ලින්ඩිට කියනවා. ජස්ටින්ව මැරුවෙ කවුද, පොඩ්ඩ ඇත්නම් යකා නගින ලින්ඩි මොකක් කරයිද කියලා නරඹන්න ඔබට බාර කරමින් මං සමුගන්නවා.