ටොම් ඩෝලන්, හිටපු මැරීන් සෙබළෙක්, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙක්. ඒ වගේම එක්සත් ජනපදයේ විවිධ නගරවල එක පෙළට සිදුවු බැංකු මංකොල්ලකෑම් වලට සහ ඩොලර් මිලියන 10කට ආසන්න සොරකම් වලට FBI එකට අවශ්‍ය මහ මොළකරු ඔහුයි. මේ මංකොල්ලකරුවා බැංකුවලට ඇතුලුවෙන සහ පිටවෙන මාර්ගය ගැන කිසිම සළකුණක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මාධ්‍ය විසින් ඔහුව “අදිසි සොරා” ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වනවා. වසර ගණනාවකින් මොහුගේ සැබෑ අනන්‍යතාව හෝ වෙනත් තොරතුරක් දැනගන්න නෑ. හදිසියේම ටොම්ට ඕන වෙනවා ඔහු කරපු වැරදිවලට පසුතැවිලා FBI එකට භාරවෙන්න. ඒ නිසා ටොම් FBI එකට කෝල් කරලා පාපොච්චාරණය කරලා තමන්ගේ වැරදි වලට බාරවෙලා අඩු දඬුවමක් ලැබෙන විදියට ගණුදෙනුවක් කරන්න සූදානම් වෙනවා. මේ වැඩේට FBI එකෙන් තරුණ ඒජන්තවරුන් දෙදෙනෙක්ට භාර දෙනවා. මෙයාලා ටොම්ව හම්බෙලා කතාබහ කලාට ටොම් කියන කිසිම දෙයක් සාක්ෂි නැතුව පිළිගන්න ඔවුන් අකැමති වෙනවා. ඒ නිසා සාක්ෂි විදියට හොරකම් කරපු සල්ලිවලින් මිලියන 3ක් තියෙන ස්ථානය ටොම් මේ නියෝජිතයන් දෙන්නට දෙනවා. සල්ලි හොයාගන්න මේ FBI නියෝජිතයෝ දෙන්නා වෙනමම සැලස්මක් හදනවා. ඉතිං මේ සිදුවීමෙන් පස්සේ ටොම් ඩෝලන් සහ FBI එක අතර ද්වන්ධ යුද්ධයක් ආරම්භ වෙනවා.