දෘව් ශිඛර් කියන්නේ කාත් කවුරුවත් නැති කෙනෙක්. ඒ කියන්නේ අම්මා, තාත්තා එහෙම නෑ. අනාථයෙක් විදිහට පොඩිකාලේ ගෙවාගෙන මහන්සි වෙලා ඉගෙනගෙන මිනිහා ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා. දවසක් මිනිහගේ ඇප් එකක් එලි gදක්වන උත්සවයකදී මෙයාට හම්බෙනවා ආන්යා කියලා ගැහැණු ළමයෙක්ව. පොඩි පොඩි සීන් කිහිපයකට පස්සේ දෙන්නා අතර මිත්‍රකමක් ඇති වෙනවා. ඔය මිත්‍රකම දුර දිග ගිහින් දෘව්ට ආන්යා ගැන ආදරයක් ඇතිවෙනවා. ඒත් ආන්යා නම් දෘව්ට මිත්රරකමකට එහා දෙයක් පෙන්නුවේ නෑ. දවසක් දෙන්නා කතාවක් දාගෙන ඉද්දි ආන්යාගේ කටින් එයා බඳින්න කැමති විදිහ ගැන කතාවක් පිට වුණා. ගොඩක් කෙල්ලන්ගේ ආසාව ඉතින් බැඳලා දරුවෙක් මල්ලෙක් හදලා පුංචි පවුලක් ගොඩනගන එක වුණාට ආන්යාට ඊට වඩා වෙනස් සැලැස්මක් තමා තිබුණේ. ඒ තමයි එයා බඳින කොල්ලට ෂෝක් පවුලක් තියෙන්න ඕන. ඒ කියන්නේ අම්මා, තාත්තා ඉන්න ලස්සන අංගසම්පූර්ණ පවුලක්. ඒ වගේ තමයි ඒ පවුලට ෂෝක් බල්ලෙකුත් ඉන්න ඕන. මේක දැනගත්තම දෘව්ට නිකම් මොකක්ද වුණා වගේ. තමන් ආන්යා හොයන ජාතියේ කෙනෙක් නෙමේ නේද කියලා එයාට හිතෙන්න ගත්තා. බල්ලා නම් මොකක්හරිම කියමු, ඒත් කොහෙන්ද අර කියපු අංගසම්පූර්ණ පවුලක් දෘව්ට? මෙන්න මෙතැනදී තමා හරිම කතාව පටන් ගන්නේ. ළමයි හදාවඩා ගන්න කතා අහලා තිබ්බට දෙමව්පියන්ව හදාවඩා ගන්න හදන කතා අහලා නෑනේ නේද? ඉතින් අපි බලමු මේ පලහිලව්ව මොකක්ද කියලා.