සිම්බියෝට්ලා කියන්නෙ කවුද, මොන විදිහේ වර්ගයක්ද කියන එකට අදහසක් ලබාදෙමින් තමයි මුල් චිත්රපටය නිකුත් කලේ. විටෙක වීරයෙක් වගේම තවත් විටක දුෂ්ටයෙක් කියන ප්රතිරූප දෙකම තියෙන ‘වෙනම්’ ඇන්ටි-හීරො චරිතය පාදක කරගෙන තමයි මුල් චිත්රපටය ගොඩනැගුනෙ. කාල්ටන් ඩ්රේක් විසින් ගොඩනගපු ලයිෆ් ෆවුන්ඩේෂන් එකේදී සමහර සිම්බියෝට්ලා එකතුවෙන්න ගිය ධාකරයො, එහෙම නැත්තම් මිනිස්සු එක්කම මැරිලා ගියා අත්හදාබැලීම් කරන අතරතුරේ. ඩ්රේක්ගෙ වැඩ වලට අකමැති නිසා එයාගෙ ලයිෆ් ෆවුන්ඩේෂන් එකේම විද්යඥවරියක් මේ හැම තොරතුරක්ම පිටපත ලබාදෙනවා. ඒ වෙන කාටවත් නෙවෙයි ‘එඩි බ්රෝක්’ කියන පුවත්පත් වාර්තාකරුවට. ඩ්රේක්ගෙ වැඩ ගැන හොයන්න යන එඩිට තමයි වෙනම් කියන සිම්බියෝට් ඇතුල්වෙලා ස්ථාවර විදිහට ඉන්නෙත්. සටන් කිහිපයක් අතරතුර එඩිගෙ හිටිය පෙම්වතිය ඈන්ටත් වෙනම් ඇතුල් වෙලා තප්පර කිහිපයකට ශී- වෙනම් කියන චරිතයත් දැකගන්න ලැබුනා.
මේ අතරේ රයට් කියන චිත්රපටය පටන් ගැන්ම තුලදීම පැනගන්න සිම්බියෝට් ඩ්රේක්ට ඇතුල් වෙලා මේ දෙන්නට දෙන්නා එකග වෙනවා ඉතුරු සිම්බියෝට්ලා ටිකත් හොයාගෙන ඒ අයවත් පෘතුවියට ගේන්න. මේ දේ දැනගත්තයින් පස්සෙ ඩ්රේක් (රයට්) ගමන් කරන්න සූදානම් වෙච්ච යානය විනාශ කරවලා සිම්බියෝට් වගේම ධාරකයවත් මැරිලා යනවා. නැවත වතාවක් පුවත්පත් වාර්තාකරණයට එකතු වෙන එඩිට අවස්ථාවක් ලැබෙනවා ක්ලිටස් කැසඩි කියන දාමරික ඝාතකයා ඉන්න හිර ගෙදරට ගිහිල්ලා පත්තරේට සම්මුඛ සාකච්ච්ජාවක් කරන්න. කතාබහ අවසානෙදි ක්ලිටස් පොරොන්දු වුනා එයා හිරෙන් පැන්නහම කානේජ් ඇතිවෙනවා කියලා. මෙතන කානේජ් අදහස් කලේ දරුණු මිනිමැරුම් ගොඩක් වුනාට දෙවැනි චිත්රපටයට ‘කානේජ්’ කියන චරිතය එකතු වීමයි එතනදී තහවුරු කලේ.