මේකෙ කතාව ගැන නම් මම මුකුත්ම කියන්නෙ නෑ. අපේ සමහර උපසිරසි කරුවෝ කරන වැරැද්දක් විදියට මම ඒක දකිනවා. කතාවෙ ආරම්භය පොඩ්ඩක් කිව්වනම් ඇති. ගොඩක් වෙලාවට රූපවාහිණි කතා මාල දෙනකොට සමහර කොටස්වලදි හැඳින්වීමේ ලිපියෙන් කියනව “අද කොටසින් කතාවෙ අහවලාට පොඩි කරදරයක් වෙනවා” කියලා. ඊට පස්සෙ කතාව බලන කෙනා බලාගෙන ඉන්නෙ ඒ කියපු චරිතෙට කොයි වෙලේද ඒ කරදරේ වෙන්නෙ කියල. ඒකෙන් රසවින්ඳයට බාධාවක් වෙනවා කියන එක තමයි මගේ මතය නම්.
