මම අන්ධ කෙනෙක්…
අවුරුදු 14 ඉඳන්ම.
හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක
කොච්චර අමාරු වැඩක්ද කියලා.
අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි.
මගේ ලෝකය හරි වෙනස්.
මගේ එකම බලාපොරොත්තුව
සංගීතඥයෙක් වෙන එක.
ඕක තමයි මම හැමෝටම කියන්නෙ.
හැබැයි මම තව ටික වෙනස්.
කවුරුවත්ම නොදන්න රහසක්.
මම අන්ධ කෙනෙක් වගේ රඟපානවා විතරයි.
මට ඇත්තටම පේනවා.
ඒ අවදානය අරගන්න.
සහ මගේ වාසියට.
දවසක් මට ආරාධනයක් ලැබෙනවා.
පෞද්ගලික ප්රසංගයකට.
80 දශකයෙ ජනප්රිය නලු මෝහන්ගෙන්.
එයාගෙ නෝනා සිම්රන් ව සප්රයිස් කරන්න.
ඒත් එහෙට ගියාම…
ඇත්තටම මම සප්රයිස් වෙනවා.
මට ආරාදනා කරපු මෝහන් ව මරල දාලා?
බාත්රූම් එක ඇතුලෙ සිම්රන් ගෙ පෙම්වතා
හැංගිලා ඉන්නවා?
මම ඉතින් අන්ධයානෙ.
දැක්කේ නෑ වගේ ප්රසංගය කරලා ආවා.
හැබැයි ඒ ප්රසංගය අපි සෑහෙන පිරිසකගෙ ජීවිත වෙනස් කරන්න සමත් වුනා. ඊට පස්සෙ මොකද වුනේ කියලා, කතාව බලලම දැනගමු.