කතාව ගැන කියනවා නම්, නගර සීමාවේ වැවකින් ධීවරයෙකුට කවරයක දාපු හිස් කබලක් ලැබෙනවා. මේ පිළිබඳ පොලිසියට දැනුම් දුන්නට පස්සේ හිස්කබලේ අනන්‍යතාව පිළිබඳ වෙන කිසිම හෝඩුවාවක් හොයා ගන්න අපොහොසත් වන පොලිසිය මේ හිස්කබල ඔස්සේ විමර්ශන ආරම්භ කරනවා. මේ විමර්ශන කටයුතු භාර වූ ඒසීපී සත්‍යජිත් (Prithviraj Sukumaran) ඇතුළු කණ්ඩායම විකෘතිව දිය යට තිබූ හිස්කබල ප්‍රයෝජනයට ගෙන විද්‍යාත්මක ක්‍රම වල සහය ඇතිව මේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව හොයාගෙන දුෂ්කර වූ විමර්ශනයක් ආරම්භ කරනවා.
මේ අතරෙදි රූපවාහිනී නාලිකාවක අද්භූත සිද්ධීන් ගැන වඩසටහන් ඉදිරිපත් කරන මේධා (Aditi Balan) තමන්ගේ දරුවා එක්ක නගරයේ නිවසක් කුලියට අරන් පදංචියට එනවා. මේධා නිවසේ පදිංචියට ආවට පස්සේ නිවස ඇතුලේ අද්භූත සිදුවීම් කීපයක් සිද්ධ වෙනවා. මේධා, අදෘශ්‍යමාන බලවේග සමඟ සන්නිවේදනය කරන කාන්තාවක් මුණ ගැහිලා, තමන්ගේ නිවසේ සිදුවන මේ අද්භූත සිද්ධි පිළිබඳව ප්‍රකාශ කරනවා. ඉන් පස්සේ ඇයගෙන් මේධාට මේ සිදුවීම් පිටුපස තියෙන අභිරහසක් පිළිබඳ දැන ගන්න ලැබෙනවා.