නීතියට සීමාවූ විවාහයක්
සම්මතයට පිටින් වූ ආදරයක්
අනාගතයට තර්ජනයක් වූ අමිහිරි අතීතයක්
බලාපොරොත්තු සුන් වූ සැමියෙක්
S.K. Dale විසින් අධ්යක්ෂණය කල Megan Fox, Callan Mulvey නළු නිළියන්ගෙන් සමන්විත මේ චිත්රපටය අපරාධ සහ ත්රාසය සම්මිශ්ර චිත්රපටයක් කිවොත් නිවැරදියි. නීතිඥයෙක් වන මාක් සමඟ විවාහ වී සිටින එමා ගෙවන්නේ නීරස පවුල් ජිවිතයක්. ඇය මේ නිසා සම්මතයට පිට වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධයක් පවත්වනවා. ඇයගේ සිතට එකඟව එය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි ඇය 11 වෙනි විවාහ සංවත්සරය දින ඔහුගෙන් වෙන් වී තම පවුල ශක්තිමත් කරගන්න තීරණය කරනවා.
ඒ වගේම ඇයගේ සැමියා මාක් මේ සංවත්සරය ඉහලින් සමරන්න ලොකු සැලැස්මක් හදලා. විවිධ පුදුම කිරීම් වලින් පිරි 11 වෙනි සංවත්සර රාත්රිය උදා වන්නේ එමාගේ ජිවිතයම පුදුමයක් කරවමින්. ඒ හැම දෙයක්ම මේ විනාඩි 90 තුල සැඟවී තිබෙනවා. එසේ නම් ඔබට බාරයි ඉතිරිය නැවත මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!