මේකේ තවත් ලස්සන දෙයක් තමයි චිත්රපටයේ තියෙන කණට මිහිරි සින්දු ටික. සින්දු වලින් මෙය නරඹන කෙනා හැඟීම් දනවන්න පුළුවන් වෙන්න එච්චරටම ලස්සන සින්දු ටිකක් මේකට දාලා තියෙනවා. තවත් විශේෂ කරුණක් තමයි අප රටේ නැඟී එන යෞවන ගායිකාවක් වන යෝහානිත් මේ චිත්රපටයේ ටයිටල් සින්දුවේ ෆීමේල් කවර් එකක් කරන්න T-Series යොදාගෙන තියෙනවා. “මැණිකේ මගේ හිතේ” සින්දුව ලොව පුර ඉන්න මිනිසුන්ගේ හිත් දිනාගන්නට හැකියාව හමුවුණා. විශේෂයෙන්ම ඉන්දියාව තුළ. යොහානිට මේක ලොකු අවස්ථාවක් වුණා වගේම, ඇයට ඉන්දියාවේ ප්රසංගයක් කිරීමට පවා ආරාධාන ලැබ සාර්ථකව නිම කල බව ඔයට දැනගන්න හම්බවෙන්න ඇති නෙහ්. චිත්රපටයේ කතාව වෙනස්ම විදියට ආදරයක් කිව්වොත් හරි. විදින්න පුළුවන් උපරිම අමාරුකම් එක්ක තම ආදරය ලබා ගන්න විදියක් තමයි මේකේ තියෙන්නේ. චිත්රපටයේ පාදක කතාව ගැන වැඩිපුර කියවන්න යන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්නකෝ! මේකේ සිංහල උපසිරැසි කරන්න කතා කළා ගමන් බැහැයි නොකිය ආව මයුර සහෝදරයටත් ස්තූතියි කියනවා. එහෙනම් ආයෙමත් තවත් උපසිරැසියකින් හම්බවෙන්නම්!