හතරවන අදියර වෙනකොට අළුත් චරිත කිහිපයක් එකතු වෙලා පරණ චරිත කිහිපයක් නැති වෙලා කතාව වෙනස්ම මාර්ගයකට යොමු උනා. නගරයේ පාසල තුලින් සොයා ගත් උමං මාර්ගයක් නිසාවෙන් බාධකයෙන් එළියට යන්න පුළුවන් ක්රමයක් බාර්බි ඇතුළු පිරිස හොයා ගත්තා. ඒ අතරේ මෙච්චර කාලයක් නැති වෙලා කියලා හිටපු ජූනියර්ගේ අම්මා නැත්නම් බිග් ජිම්ගේ බිරිඳ ජීවත්ව සිටින බවත් දැන ගන්නට ලැබුණා. පාසල් කාලයේ සෑම්ගේ පෙම්වතිය උන මෙලනි මිය ගියාට නැවත වර්තමානයේ උපන්නෙ බාධකය එක්ක ඇයගේ ලොකු සබඳතාවයක් ඇති බව පෙන්වමින්. කොහොමින් කොහොම හරි නගරයේ සියළු දෙනා එකතු කරගෙන බාර්බිගේ මූලිකත්වයෙන් උමඟ දිගේ ගිහින් බාධකයෙන් එළියට යන්නයි සූදානම.
ඒත් ඉතින් හැම කතාවකම මොන හොඳ දේ කරන්න ගියත් දුෂ්ටයා කඩා පාත් වෙනවා වගේ බිග් ජිම් බොහොම දරුණු කෙනෙක් වෙනවා පෝලීන් මිය ගියාට පස්සෙ. හැමෝම එළියට යන්න සූදානමින් යන අතරේ ජූලියා, ජූනියර් සහ බිග් ජිම් හැර අනෙක් අයට උමගේ කෙළවරකට ළඟා වෙන්න හැකියාව ලැබෙනවා. බිග් ජිම්ට වෙඩි වැදී පොළවෙන් මතුපිට සිටින අතර, පස් කඩා වැටීමක් නිසා ජූනියර් සහ ජූලියා උමඟ තුල ඉදිරියට යා නොහැකිව සිර වෙනවා. බාර්බි ඇතුළු සියළු දෙනාම උමඟ කෙළවරදි මෙලනිව මුණ ගැහෙනවා. ඇය පවසන්නෙ ඇය පසුපස පැමිණෙන්න කියලා. ඒත් මෙලනි පසුපස කොහේට යනවාද මොකද වෙන්නෙ කියලා හිතලා බලන්න